ඉකුත් දින 50 තුළ අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රියාකාරකම් ගැන වාර්තාවක් ඉල්ලයි


(රංජන් කස්තුරි)
 
ඉකුත් දින පනහේ ආණ්ඩු සමයේදී අධ්‍යාපන අමාත්‍යංශයේ සිදු වූ ක්‍රියාකාරකම් පිළිබඳව වාර්තාවක් ලබාදෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.


එම කාලය තුළදී චක්‍රලේඛ උල්ලංඝණය කරමින් සිසුන් පාසල්වලට ඇතුළත් කිරීම, ගුරුමාරු සිදුකිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් අධ්‍යාපන අමාත්‍යංශයේ සිදුව තිබෙන බවද අකිල විරාජ් කාරියවසම් මහතා කීය.


අධ්‍යාපන ඇමැතිවරයා ලෙස එම අමාත්‍යංශයේ දී අද (21) පෙරවරුවේ රාජකාරී ආරම්භ කරමින් අකිල විරාජ් කාරියවසම් මහතා එසේ සඳහන් කළේය.


මේ අතර පාසල් දරුවන්ගේ නිල ඇඳුම් සඳහා ලබාදෙන වවුචර්පත් ලබන පාසල් වාරය ආරම්භයත් සමඟ සිසුන්ට ලබාදෙන බවද ඇමැතිවරයා කීය.


නිල ඇඳුම් වවුචර්වල කාලය පෙරවාරි මස 28 වැනි දා දක්වා දීර්ඝ කරන බවද ඇමැතිවරයා පැවසීය.