චීනයේ හුවැන්හු ප්‍රදේශයේ ජීවත් වු ඔහු සෑම දිනකදීම අධික සෙල මත් පැන් බීවේය.
පසු ගිය සතියේ දිනක ඔහු සේවය අවසන් වී පදමට වෙරි වී වැනි වැනී නිවසට පැමිණියේය. ඉක්මනට නිවසට යාම සදහා පාරේ උසට තිබු කොන්ක්‍රීට් වහලයකට ගොඩ වී වහළ දිගේ නිවසට ගමන් කරන විට වහළ දෙක අතර තිබු දෙබොක්කාවට වැටී ගියේය.
ආපසු ගොඩට එන්නට උත්සාහ කලත් එය අසාර්ථක විය.ඔහු මහ හඩින් හඩා වැටුණේය. කිසිවෙක් නොපැමිණියහ. පසුව පසුදා පහන් වන තුරු දෙබොක්කාවට වී නිදාගෙන අවදීවීමෙන් පසුව යළිත් හයියෙන් ඇඩුවේය.
පාරේ ගිය කවුදෝ කෙනකු එම ස්ථානයට විත් බලන විට වැටී සිටි පුද්ගලයා දුටුවේය. ගොඩට ගන්නට උත්සාහ කලත් එය අපහසු විය.පසුව ගිනි නිවන හමුදාවට දැන්වීය.ගිනි නිවන හමුදා භටයෝ පැමිණ කඹ දාමා අමාරුවෙන් අමාරුවෙන් ඔහු එළියට ගත්හ.