කතානායක අසුනේ අසුන්ගත්තේ යැයි කියන ඉංජිනේරුවරයා එම සිද්ධිය වාර්තා කිරීම ගැන පාර්ලිමේන්තුවේදීම මාධ්‍යවේදීන්ට තර්ජනය කරනු ලැබීමේ සිදුවීම ගැන තමාට ලිඛිතවම පැමිණිලි කරන්නැයි කතානායක කරු ජයසූරිය මහතා අදාළ මාධ්‍යවේදීන් දෙදෙනාට අද දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන හා රංජිත් අළුවිහාරේ යන මන්ත්‍රීවරුන් කළ කරුණු දැක්වීම මත කතානායකවරයා මෙම මාධ්‍යවේදීන් දෙදෙනා පෞද්ගලිකවම මුණගැසී අදාළ උපදෙස දී ඇති බව කතානායක මාධ්‍ය ඒකකය පවසයි.