ඉංජිනේරුවා විනිසුරුවරියගෙන් සමාව ගනී


පානදුර දිසා විනිසුරු ක්‍රිෂාන්ති අමරතුංග මහත්මියට  පසුගිය දහ වැනිදා පැපිලියාන හන්දියේදී  බැන මරණ තර්ජන කළ ඉංජිනේරුවරයෙක්  නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ඉදිරියේ වැඳ දිසා විනිසුරුවරියගෙන් සමාව ගත්තේය.

වැලිකඩ රාජගිරියේ දිලින සමීර හෙට්ටිආරච්චි මෙම ඉංජිනේරුවාය.

ඉංජිනේරුවරයා දිසා විනිසුරුවරියට බැන වැදී  ඇත්තේ ඇය පැදවු රිය ඔහුගේ රියේ හැපුණා නම් කරන දේ බලාගත හැකි බවට මරණ තර්ජනද  එල්ල කරමිනි.

ඉංජිනේරුවරයා දිසා විනිසුරුගෙන් සමාව ගැනීම නිසා ඔහු නිදහස් කැරිණි.