අධ්‍යාපනය පිළිබදව රටට නිවැරදි අවබෝධයක් ලබා දීමටත් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමටත් රූපවාහිනී නාලිකාවක් අරඹන බවත් ඒ සදහා තමාට තිබු දිගු කාලීන සිහිනය සබෑ කර ගැනීමට දැන් අවස්ථාව ඇති බවත් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.
ග්‍රේරු මහතා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අද (10) නුගේගොඩ සිරි ධම්මාරාම විහාරස්ථානයට ගොස් විහාරාධිපති බෝගම්බර රතනජෝති හිමියන් හමුවී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව එහි සිටි මාධ්‍යවේදීන් හමුවේ මේ බව කීය.
‘ජනාධිපතිතුමා විසින් හදුන්වා දුන් ද්වීතිය පාසල් දහසේ වැඩ පිළිවෙල ඉදිරියට රැගෙන යාමට අවශ්‍යය භාර ධුර වගකීම මට පැවරී තිබෙනවා. මානව හා හෞතික සම්පත් සංවර්ධනය කර රටේ සමස්ත දු දරු පරපුර වෙනුවෙන් ඒ වගකීම ඉටු කරනවා.’ යැයිද වැඩි දුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

