ඉංගිරිය පොලිසියෙ තුන්දෙනාට ඇප


 ඉංගිරිය නාකන්දලම පාලම අසල දී එම් වයි ධනුෂ්ක තරුණයා පොලිස් ජිප් රියට යට වී මිය ගිය සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි පොලිසියේ තිදෙනා හොරණ මහේස්ත්‍රාත් ජගත් කහඳගම මහතා විසින් අද ඇප මත මුදා හරිනු ලැබූහ.

විමල් චන්ද්‍රසේකර, රවීන්ද්‍ර ලක්මාල් බණ්ඩාර හා පුෂ්පකුමාර පෙරේරා එම තිදෙනාය.

මිය ගිය ධනුෂ්කගේ පියාට රුපියල් 25000ක් ද, තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන තරුණයාගේ පියාට රුපියල් දස දහසක ද සානුකම්පිත දීමනාවක් ඔවුහු අධිකරණයේ දී ගෙවූහ.