ඈත අතීතයේ ඉංග්‍රීසි භාෂාව කතාකර ඇත්තේ එංගලන්තයේ බොහෝම දිළිඳු පවුල්වල කුලහීනයින් බවත් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ ආචාර්යවරියක් වන ට්‍රිෂ් බ්‍රෙසොලින් කියන්නීය.
ඇය මෙසේ පැවසුයේ විදෙස් රටවල් දහයකටත් වඩා වැඩි සංඛ්‍යාවකින් ඕස්ට්‍රේලියායට පැමිණි සිටි සිසුන් පිරිසක් නියෝජනය කළ දේශනයකදීය.
වත්මන් ලෝකයේ භාෂාවන් පිළිබඳව දැනුවත් කරමින් කතා කළ ඇය පැවසුවේ තිස් අට කෝටියක් දෙනා පළමු බස ලෙස ඉංග්‍රීසි භාෂාව කතාකරන බවයි .දැනට සිය කෝටියකටත් වඩා වැඩියෙන් ලෝකය පුරා වෙසෙන ජනතාව ඉංග්‍රිසී ඉගෙන ගන්නා බවත් වසර 2050 වන විට ලෝක ජනගහණයෙන් බාගයකටත් වඩා වැඩියෙන් ඉංග්‍රීසි භාෂාව කතා කරන බවත් ඇය කීවාය.