උතුරු ඇෆ්ගනිස්තානයේ සිදු වූ නායයෑමකින් 350ක් මිය ගොස් 2500ක් පමණ අතුරුදන්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව නිසා නායයෑම් සිදුවන්නට ඇති බවත්, ආපදාවට පත්වූවවන් මුදවාගැනීම සඳහා සහන සේවකයන් යොදවා ඇති බවත් ඇෆ්ගනිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය සඳහන් කරයි.
ඉන් වැඩි හානියක් සිදු වී ඇත්තේ බාදාක්ෂාන් පළාතටය.
බාදාක්ෂාන් පළාත නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ ටජිකිස්තානය, චීනය හා පාකිස්තාන දේශසීමාවට වන්නට පිහිටා ඇත.

