ඇහැළියගොඩත් ගං වතුරට හසුවේ


කොළඹ රත්නපුර ප්‍රධාන මර්ගයේ ඇහැළියගොඩ පොලීසිය හා මෝරගල අද උදේ ගංවතුරෙන් යටවිය. බස් හැර සෙසු වාහන ගමනාගමනය නතරවී ඇත. කුරු ගඟේ ජල මට්ටම වැඩිවී ඇතත් කළු ගඟ මීටර 4.2 මහ ගංවතුර මට්ටමට ලංවී නැත. තවත් ප්‍රදේශ රැසක් ගං වතුරින් යටවී තිබේ. මහ වැසි ද පවතී.