මොනරාගල කොළඹ මාර්ගයේ ඇහැලියගොඩ මින්නාන හංදියේ දී ලංගම බසයක් හා යුද හමුදා ටිපර් රථයක් ගැටී බසයේ ගමන් කළ මගීන් 18 දෙනකු හා ටිපර් රියදුරු තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
ඉබ්බාගමුව මඩගල්ලේ දී කහ ඉරෙන් මාරු වෙමින් සිටි දෙදරු මවක වන ඇඟළුම් සේවිකාවක් (24) ලංගම බසයක ගැටී මරණයට පත්වූවාය.

