ඇසින් දුටු සාක්‍ෂි ලැබෙන තෙක් විමර්ශන කමිටුව බලා සිටී


ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ කී‍්‍රඩකයකු වන රමිත් රඹුක්වැල්ල බටහිර ඉන්දීය කොදෙව් සිට එන ගමනේදී බි‍්‍රතාන්‍ය ගුවන් සේවයට අයත් යානයක දොර විවෘත කිරීමට යාම සම්බන්ධයෙන් පැවැත්වෙන විනය පරීක්‍ෂණය සඳහා අදාළ සිදුවීම ඇසින් දුටු සාක්‍ෂි අවශ්‍ය යයි ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්‍ෂමන් ද  සිල්වා මහතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවට අද (9 වැනිදා) දැනුම් දුන්නේය.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් අද නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක මේ බව සටහන් වේ.

සිද්ධිය වන අවස්ථාවේදී ගුවන් යානයේ සිටි ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ පන්දු යැවීමේ පුහුණුකරුවා වන චම්පක රාමනායක මහතා මේ වන විට විදේශගතව සිටින බැවින් ඒ මහතා ශී‍්‍ර ලංකාවට පැමිණි විගසින්ම සාක්‍ෂි විමසීම සඳහා කැඳවන බවත් ලක්‍ෂමන් ද  සිල්වා මහතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවට පවසා තිබේ.

අදාළ  සිදුවීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය ගුවන්සේවයෙන් මෙන්ම ශී‍්‍ර ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන්ද වාර්තා ලැබෙන තුරු තමන් බලා සිටින නමුත් ශී‍්‍ර ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් මේ දක්වා කිසිදු වාර්තාවක් තමන්ට ලැබී නැති බවත් ඒ මහතා පවසා තිබේ.

ප‍්‍රධාන සාක්‍ෂිකරුවන චම්පක රාමනායක මහතාගේ සාක්‍ෂි විමසීමෙන් පසුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් රමිත් රඹුක්වැල්ලගේ ප‍්‍රකාශය සටහන් කරගන්නා බවද ලක්‍ෂමන් ද  සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කරනු ලබන පරීක්‍ෂණ කඩිනම් කරන ලෙසත්, වාර්තාව හැකි ඉක්මනින් දෙන ලෙසත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව ලක්‍ෂමන් ද  සිල්වා මහතා පවසා තිබේ.