නිල නිවසේදී අද අලුයම 4.30ට පමණ ඇසිඩ් ප්‍රහාරයකට ලක්වූ උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් මහතා මින් මද වේලාවකට කලින් අනුරාධපුරයේ සිට කොළඹ ඇස් රෝහලට මාරු කළ බව රෝහල් අධ්‍යක්ෂ දොස්තර ඩබ්ලිව් අතපත්තු මහතා කියයි.
ඔහුගේ ඇස් වළට ද තරමක හානියක් සිදුව ඇති බව පෙනෙන හෙයින් ඇස් රෝහලට යොමු කළ බව ඔහු පවසයි.
බෙහෙත් ගැනීමේ මුවාවෙන් ඇසිඩ් ගැසීමට ආ තරුණයන් දෙදෙනා ඔහු සමග ටික වේලාවක් කතා කරමින් සිටි බවත්, ඇසිඩ් ගඳක් දැනෙන බව වෛද්‍යවරයා පැවසීමත් සමග අත තුබූ ප්ලාස්ටික් බඳුනෙන් ඇසිඩ් ගසා ඇති බවත් සිද්ධිය දුටු ඔහුගේ පුතා පොලීසියට කියා ඇත.
සැකකරුවන් හදුනාගන්නට හැකි බව ද ඔහු කියයි.
පෙර දින මාතර සිට පැමිණි බව කියන දෙදෙනා මේ ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැක කරයි.