අනුරාධපුර ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස්ට ඇසිඩි ගැසීමේ කොන්ත්‍රාත්තුව රුපියල් හැත්තෑපන්දහසක් බවත්, නිට්ටඹුවේ මාළු වෙළෙන්දකු හා මින්නේරියේ හමුදා සෙබළකු කොන්ත්‍රාන්තුව බාරගෙන අත්තිකාරම් ලෙස ලෙස රුපියල් විසිපන්දාහක් ලබා ගෙන ඇති බවත් පොලිසිය කියයි.
අල්විස් මහතා සමග රාජකාරී ප්‍රශ්න ඇතිකර ගත් බව කියන මනම්පිටියේ ආයුර්වේද වෛද්‍යවරයා මේ කොන්ත්‍රාත්තුව දෙන්නට ඇතැයි කියන තොරතුර මත පොලීසිය පරීක්ෂණ පවත්වයි.
සෙබළා කුලියට ගත් මෝටර් සයිකලයකින් මාළු වෙළෙන්දා සමග කොමසාරිස්ගේ ගෙදරට දෙවරක්ම ගොස් ඇති බවද අතමගදී ඇසිඩි බෝතලයක් මිලට ගෙන ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත.