කොළඹ ජාතික රෝහලේ වාර්ෂික සර්ව රාත්‍රික පිරිත් පිංකම පැවැත්විණි.
අක්ෂි රෝහලේ සේවය කර මිය ගිය සේවකයනට පිං පැමිණවීමත්, රෝගීන්ට ඉක්මන් සුවය පැතීමත් මෙහි අරමුණ විය.
අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චම්පා බානගල මහත්මියගේ මඟපෙන්වීම අනුව රෝහල් බෞද්ධ සංගමය මේ පිංකම සංවිධානය කළේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් විය.
අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විල්ෆඩ් කුමාරසිරි, විශේෂඥ වෛද්‍යවරුන් ඒ එල් ධර්මරත්න, කපිල බන්දු තිලක, මංගල ධනපාල, මුදිතා කුලතුංග, උපාලි බානගල මහත්ම මහත්මීන් ද, රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෝද මෙම අවස්ථාවට එක් වුහ.