ඇස් පේන හොරා අඳ මිතුරාගේ පසුම්බියට අරී


නෙත් අඳ දෙදෙනකු සමඟ එකම කාමරයේ සිටි ඇස් පෙනෙන පුද්ගලයකු අන්ධයකුගේ මුදල් පසුම්බිය සොරාගෙන රුපියල් 4500 ක් වංචා කළැයි සිද්ධියක් ගැන  පොලීසිය පරීක්ධණ පවත්වයි.

 මේ තිදෙනාම පිළියන්දල බටකැත්තර කාමරයක් කුලියට ගෙන අසල කම්හලක රැකියාව කරන්නන් බවත් මුදල් පසුම්බිය ආයතනයේ කුණු  බෑගයකින් සොයාගත් බවත් පොලීසිය සඳහන් කරයි.