බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පුර පසළොස්වක පොහොය අදට(10) යෙදී තිබේ.
අප මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වැනි පොහෝ දිනකදීය.
එමෙන්ම සිදුහත් බෝ සතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී අභිණිෂ්ක්‍රමණය කිරීම සහ රාහුල කුමරුගේ උපතද අදවන් පොහෝ දිනක සිදුවීම සුවිශේෂි වන්නේය.
ඉසිපතන මිගදායේදි ප්‍රථමවරට පස්වග තවුසන් උදෙසා ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිදුකිරීම මෙන්ම බුදුරජාණන් වහන්සේ පළමු වරට යමහාමහ පෙළහරපෑම ද අදවන් පොහෝදිනකදී සිදුව ඇතැයි බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන්නේය. එමෙන්ම භික්ෂූන් වහන්සේ වස්විසීම ආරම්භ කරනු ලබන්නේ ද ඇසළ පුරපසළොස්වක පොහොය දිනයේ ය.