නව විදේශ ලේකම් ඇසල වීරකෝන් මහතා සඳුදා (1) වැඩ භාර ගැනීමට නියමිතය.
වසරකට ආසන්න කාලයක් ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස වීරකෝන් මහතා කටයුතු කළේය.
1988 වසරේදී ශ්‍රී ලංකා විදේශ සේවය එක්වූ වීරකොන් මහතා එම සේවයේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි. මීට පෙර කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරය ඇතුළු විදෙස් රටවල් වල් රැුසක සේවය කළ ශ්‍රී ලංකා තානාපතිවරයෙකි.
නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරයෙන් සමුගත් වීරකෝන් මහතා වෙනුවෙන් හයිද්‍රාබාද් හවුස් හිදී ඉන්දීය විදේශ ලේකම් සුබ‍්‍රමනියම් ජයශංකර් මහතා රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් ද පිරිනැමීය.
හිටපු විදේශ ලේකම් චිත‍්‍රාංගීනි වාශීෂ්වර මහත්මිය අද හෙටම ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරයේ වැඩභාරඩ ගැනීමට නියමිතය.
ඉකුත් වසරේ ජනවාරි 19 වැනිදා විදේශ ලේකම්වරිය ලෙස වැඩ භාර ගත් වාගීෂ්වර මහත්මිය 1981 දී ශ්‍රී ලංකා විදේශ සේවයට එක්වී ඇති ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරිනියකි. ඇය ඉතුත් වසරේ සැප්තැම්බර් මාසයේදී විශ‍්‍රාම ගත් නමුත් රජය සේවා දිගුවක් ලබාදුන්නේය.