ඇවිදින්න කවුරුවත් : බදු ගෙවන්නේ වෙන කට්ටියක්


පසුගිය රජය සමයේ ඉදිකළ ඇවිදින මංතීරු ආදිය නඩත්තු කිරීම සඳහා වැය වන මුදලින් සියයට 82ක් ගෙවන්නේ ඒවායේ ඇවිදන අය නොව දුප්පත් ජනතාව බවත් බදු ගෙවිය යුත්තේ සංවර්ධනයේ ප‍්‍රතිලාභ ලැබුණු අය මිස සියලූ දෙනාම නොවන බවත් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා කීවේය.

වත්මන් රජය දුගී ජනතාව බලා ගන්නා අතරම මධ්‍යම පන්තියේ ජනතාව ඉදිරියට ගෙන ඒමේ ශක්තිමත් වැඩපිළිවෙළක් ද ක‍්‍රියාත්මක කර ඇතැයි ද ඔහු කීවේය.

රාජ්‍ය සේවකයින් වෙනුවෙන් බොරැල්ල,  ඕවල් ක‍්‍රීඩාංගණය ආසන්න භූමියක නිවාස 608 ක් ඇති ජාත්‍යන්තර ප‍්‍රමිතියට අනුව ලොව නවීන නගර අලංකරණය ද  සමග මහල් 21 ක නිවාස සංකීර්ණයට ඇමති මුල්ගල තැබීය.

රුපියල් කෝටි 500 ක වියදමින් වසර තුනකින් එහි වැඩ නිම කිරීමට නියමිතය.