ඇවිදින විශ්වකෝෂය නොඑන්නම යන්න යයි


වසර 30කට වැඩි කාලයක් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ සිටි උබේසේකර හෙන්නායක මහතා කිසිවකු නොසිතූ මොහොතක සැමගෙන් සමුගෙන ගියේය.

ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයෙකු මෙන්ම ලංකාදීප මැදපෙරදිග වෙබ් අඩවියේ හා මැදපෙරදිග ලංකාදීප පුවත්පතේද කර්තෘවරයා වූ උබේසේකර හෙන්නායක මහතා ලංකාදීප ‘රජවීදිය’ අතිරේකයේ සංස්කාරකවරයා ලෙස ද කටයුතු කළේය.
අන්තර්ජාතික දේශපාලනය සහ එහි නවතම ප්‍රවණතා පිළිබඳ හසළ දැනුමක් තිබූ හෙන්නායක මහතා හදිසියේ අසනීප වන තුරුම ජාත්‍යන්තර බල අරගල පිළිබඳ නිරන්තර විමසිල්ලකින් පසුවිය. ඔහු ලෝක දේශපාලනය තම ජීවිතය කරගෙන සිටි අයෙකි. ලෝකයේ බල පෙරළි ගැන ඔහු කී අනාවැකියක් වැරදී නොගිය තරම්ය. ලෝක දේශපාලනය පිළිබඳව මෙන්ම අති නවීන තාක්‍ෂණය ආදී සියල්ල ගැන ඔහුගෙන් දැනගත හැකි දේ බොහෝ විය.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න   http://www.lankadeepa.lk/index.php/articles/499611