ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපතිට සිංගප්පුරුවේ හා ජර්මනියේ වෛද්‍ය ප්‍රතිකාර ගැනිමට වසරකට අවසර දිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (20) තීන්දු කළේය.
වසරක් වැනි කාලයකට එසේ අවසර දිම දැඩි ලෙස විරුද්ධ වන බව අල්ලස් හා දුෂණ විමර්ශන ජනපති කොමිසම කියා සිටියේය.
රජයේ මුදල් කෝටි ගණනින් අවභාවිතා කළැයි ඔහුට එරෙහිව අල්ලස් කොමිසමෙන් මේ නඩුව පවරා ඇත.
රුපියල් ලක්ෂ 50 ක අමතර ශරීර ඇප තුනක් ද මත විදෙස් ගමන් බලපත්‍රය මුදා හරින මහේස්ත්‍රාත් ඇපකරුවන් ලෙස බිරිඳ හා ඔහුගේ සහෝදරයා හා බිරියගේ සහෝදරයකු අත්සන් කළ යුතු බවත් නියෝග කළේය.
ජායාරූප - ළහිරු හර්ෂණ