ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සිංගප්පුරු රෝහලකදී ශල්‍ය කර්මයකට ලක් කොට ඇති බව කියමින් ප‍්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (20) බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති පරීකෂණ කොමිසම හමුවට නොපැමිණියේය.
රෝගී තත්ත්වයෙන් පසු වන නිශ්ශංක සේනාධිපති මහතා සිංගප්පුරු රෝහලකදී ශල්‍ය කර්මයකට ලක් කොට ඇති බවත් මේ තත්වය අනුව ප‍්‍රකාශයක් ලබාදීම සඳහා කොමිසම කර ඇති දැනුම් දීම අනුව ඔහුට කොමිසමට පැමිණීමට හැකියාවක් නොමැති බවත් නීතීඥවරයකු මඟින් සේනාධිපති මහතා කොමිසමට දැනුම් දුන්නේය.
යුධ හමුදාවට අයත් ගිනි අවි සහ පතුරම් ඔහුගේ සමාගමට විකුණන ලදැයි කියන සිද්ධියක් ගැන ප‍්‍රකාශයක් ලබා ගැනීම ඔහු කැදවීමට කොමිසම නියෝග කළේය.

