‘රක්නා ලංකා‘ ආරක්ෂක සමාගමට ලබාගත් යුද හමුදාවට අයත් ගිනි අවි සහ පතුරම් ‘ඇවන්ගාඩ්‘ සමාගමට විකුණන ලදැයි කියන සිද්ධියට ප්‍රකාශ ගැනීම සඳහා ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති බරපතල වංචා දුෂණ පිළිබද ඡනාධිපති පරීක්ෂණ කොමිසම සිකුරාදා (20) කැඳවා ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
අවි ආයුධ තොගයක්ද සමඟ අත්අඩංගුවට ගෙන ගාල්ල වරායේ රදවා තිබෙන ‘ඇවන්ගාඩ්‘ නෞකාව පරීක්ෂා කිරීමට ඡනාධිපති පරීකෂණ කොමිසමේ විමර්ශන නිළධාරීන් කණ්ඩායමක් මීට පෙර අවස්ථාවක ‘ඇවන්ගාඩ්‘ නෞකාවට නැඟ පරිකෂණ සිදු කළහ.

