(නිමන්ති රණසිංහ)
මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ එහි විධායක නිලධාරී කසුන් පලිසේන යන සැකකරුවන් සම්බන්ධ ඇප නියෝගය ලබන 01 වැනිදා ප්‍රකාශ කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (20) නියෝග කළාය.
පැමිණිල්ල වෙනුවෙන් නීතීපති අද ලිඛිත දේශන ගොනු කළ අතර දෙපාර්ශවයේම ලිඛිත දේශන සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග නිකුත් කළාය.