
(යොහාන් භාසුර)
දේශීය සහ විදේශීය සංචාරකයන්ට සති අන්තයේ නුවරඑළිය සහ ඇල්ල ප්රදේශවල සංචාරය කිරීම පහසුකිරීම සඳහා ‘ඇල්ල වීක්එන්ඩ් එක්ස්ප්රස්’ ලෙස මේ මස 16 වැනිදා සිට සෑම සති අන්තයකදීම ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් සෑම සෙනසුරාදා දිනකම අළුයම 5.30 ට පිටත් වන අතර ඉරිදා රාත්රී 10.00 ට නැවත කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළගා වන බව එම දෙපාර්තමේන්තුව කීය.

