
(ප්‍රසාද් රුක්මල් )
ඇල්ල ඓතිහාසික අහස්නවය ආරුක්කු පාලම අසල රක්ෂිතයේ හටගෙන අති ගින්න මේ වනවිට අක්කර සියයක් පමණ ප්‍රදේශයක් විනාශ වී ඇතැයි වාර්තා වේ.
ගින්න නිවා දැමීමට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් අද (23) පස්වරුවේ යොදා ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි.
මෙම රක්ෂිතයේ ගින්න ඊයේ (22) රාත්‍රි හටගත් අතර , පවතින වියලි දේශගුණික තත්ත්වයත් සමඟ සුලං හේතුවෙන් ගින්න සීග්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බවද හෙතෙම කීය .
මෙම ගින්න නිවාදැමීමට යුදහමුදා නිලධාරීන් , පොලිස් නිලධාරීන් ,ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරින් ,බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ,ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් කොල අතු යොදා ගනිමින් කටයුතු කලද අද (23) සවස් වනතෙක් ගින්න නිවාදැමීමට අපහසු වූ හෙයින් දියතලාව ගුවන් හමුදා කදවුරේ ගුවන් හමුදා නිලධාරීන් තිහක පමණ කංඩායමක් හෙලිකොප්ටර් යානයක් ද යොදා ගනිමින් අද (13) පස්වරුවේ ගින්න නිවා දැමීමේ කටයුතු සදහා සහය විය .
දෙමෝදර ජල සම්පාදන මණ්ඩලයේ ජලාශයෙන් ජලය රැගත් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානය ගින්න පැතිර යමින් පවතින රක්ෂිතයේ ඉහලින් ගොස් ගින්නට ජලය ඉසුවද ගින්න නිවා දැමීමට අපහසු වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පැවසීය .


