ඇල්ලෙවල ඇල්ලේ නාන්න ගිය 4ක් අතුරුදන්


(අයි.ආර් ඉන්දික)

වැල්ලවාය ඇල්ලෙවල දිය ඇලලේ නෑමට ගිය කාත්න්කුඩි හා අක්කරපත්තුවේ පදිංචි පුද්ගලයින් සිව් දෙනකු දියේ ගිලී අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලීසිය කියයි.

 පුද්ගලයින් 10 දෙනකුගෙන් සමන්විත පිරිසක් ඇල්ල නැරඹිමට පැමිණ  එහි දිය නෑමට ගිය අවස්ථාවේ දී මෙම අනතුර සිදුව  ඇත.

මීට පෙර අවස්ථා කිහිපයකදී මෙම ස්ථාන පුද්ගයින්  13 දෙනකු  මිය ගොස්  ඇතැයි පොලීසිය කියයි.

මේ හේතුව නිසාම කාලයක්  මෙම ස්ථානය සංචාරකයින්ට තහනම් කලාපයක් කර වසා දමා තිබූ අතර නැවත විවෘත කිරීමෙන් කෙටි කලකට පසු මෙම අනතුර සිදු වී ඇති බවද පොලීසිය සඳහන් කළේය.