ඇල්පිටියේ උසාවියෙන් වාර්තාවක් : නඩු තීන්දු 109ක්


ඇල්පිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවති නඩු එකසිය නවයක නඩු තීන්දු ලබා දීම සිකුරාදා (12) ඇල්පිටිය මහේස්ත‍්‍රාත් කේසර සමරදිවාකර මහතා විසින් සිදුකෙරිණි. එම අධිකරණයේ එක් දිනකදී ලබා දුන් වැඩිම නඩු තීන්දු ප‍්‍රමාණය එය බව පැවසේ.

 ඇල්පිටිය, පිටිගල, ඌරගස්මංහන්දිය, කරන්දෙණිය, සහ බද්දේගම පොලිස් ස්ථාන වලින් පවරා තිබූ ගෙවල් බිඳුම්, මංකොල්ල කෑම්, පහරදීම්, සොරකම් සහ රථ වාහන නඩු ඒ අතර විය.

අවුරුදු දහයකටත් වඩා පැරණි නඩු ද එහිදී විභාග කෙරුණු අතර නඩු විසි තුනක විත්තිකරුවන් වරදකරුවන් කළ මහේස්ත‍්‍රාත්වරයා ඇඟිලි සලකුණු වාර්තා කැඳවා ඔවුන්ට දඬුවම් ලබා දීම දෙසැම්බර් 29 දිනට කල් තැබීය.