(සුජිත් හේවාජුලිගේ)
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් සියයකට වැඩි පිරිසක් වියදම් වාර්තා තවමත් ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය
මෙම අපේක්ෂකයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කොමිසම සූදානම්වේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පසුගිය ඔක්තෝබර් මස 16 වැනිදා පැවැත්විණ
මේ අතර මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 1249 දෙනකුද වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මෙම අපේක්ෂකයන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය සමඟ සාකච්ඡා කරගෙන යන බව මැතිවරණ කොමිසම පවසයි.
මේ අතර ජනාධිපති අපේක්ෂකයන් දහතුන් දෙනෙකුද වියදම් වාර්තා මෙතෙක් බාරදී නොමැත. මින් හත් දෙනකුට එරෙහිව දැනටමත් නඩු පවරා ඇත