ඇල්පිටිය රෝහලේදී කකුල කැඩුණු රෝගියා දින හයකින් මරුට


ඇල්පිටිය රෝහලේදී ලිස්සා වැටුණු රෝගියෙකු දින හයකට පසු කරාපිටිය රෝහලට මාරු කිරීමෙන් පසු අද මියගිය බවත් මරණයට හේතුව කලවා ඇටය දෙපලකින් කැඩී මාංශ පේෂිවලට හානි සිදුවී අධික රුධිර වහනය සහ කම්පනය බව එහිදී නිගමනය විය.

ඇල්පිටිය රෝහලේදී එක්ස් රේ පරීක්ෂණ දෙකක්ම කැර ඇත. අස්ථි බිඳීමක් ගැන දෙවැනි පරීක්ෂණයේදී සොයාගත් පසු ඔහු කරාපිටියට එවා ඇත. කරාපිටියට ඇතුල් කර පැය කිහිපයකින් රෝගියා මියගියේය.