තම වත්තේ තිබූ කිසිම වටිනාකමක් නැති පුළුන් ගසක් කපා දැමීයැයි ඇල්පිටිය පොලිසිය උසස් පොලිස් නිලධාරියකුගේ කීම මත තමාට එරෙහිව නඩු පැවරීමට යන බව ඇත්කඳුරේ බුද්ධදාස වික්‍රමරත්න මහතා කියයි.
තම වගාවන් අවහිරතා ඇති වන නිසා වත්තේ ඇති පුළුන් ගස කපා දැමූ බවත්, පසු දින පොලිසිය පැමිණ පුළුන් කොටන් පොලිසිය ගෙන ගිය බවත් ඔහු පවසයි.
ඇල්පිටිය පොලිසිය කියනුයේ එම පුළුන් ගස වෙනත් පුද්ගලයකුට අයත් බව කියමින් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් ගැන එලෙස කළ බවයි. එම පුද්ගලයා එම ගහේ අලාභය ලෙස රුපියල් අනූ දහසක් ඉල්ලා ඇත.
ප්‍රදේශයෙන් පිට උසස් පොලිස් නිලධාරියකුගේ බලපෑමට පොලිසිය සිවිල් කටයුත්තකට අත ගසා ඇති බවත්, ඉඩම් ආරවුලක් ඇත්නම් දෙපාර්ශ්වයම උසාවියට ඉදිරිපත් කිරීම හෝ සිවිල් නඩුවක් මාර්ගයෙන් විසඳා ගන්නා ලෙස දැනුම් දිය යුතු බවත් ගම්වාසීහු කියති.
පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් පිරිසක් මුදා හරින්නැයි නිලධාරීන්ට බැන වැදුණු සිද්ධියක් ගැන ද එම උසස් නිලධාරියාට චෝදනා එල්ල වී තිබිණැයි පොලිස් ආරංචි කියයි.




