ඇරැව්වල ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 6 ක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)

මහරගම ඇරැව්වල පුරාණ විහාරස්ථානය ඉදිරිපිටදී තියුණු ආයුධයකින් කපා තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් ඇතුළු පුද්ලගයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.

එම පිරිස අතර ප්‍රධාන සැකකරු හා ඔහුගේ සහෝදරයාද වන බව පොලිසිය කියයි.

ඝාතනය සඳහා උපයෝගි කර ගත් තියුණු ආයුධ 3ක් ,  ජංගම දුරකථන 2ක් පොලිසිය බාරයට ගෙන තිබේ.

ඉකුත් 7 වැනි දින මෙලෙස ඝාතනයට ලක් වුයේ කෙලොන්නාව ඩි ආනන්ද රාජ් පාරේ පදිංචි විරාජ් පුෂ්පකුමාර නැමැති 22 හැවිරදි තරුණයෙකි.