‘‘සියල්ලට ප්‍රථම මිනිස්කම‘‘ තේමාව ප්‍රධාන කොට ශ්‍රී ලංකාවේ අසරණ ජනයාගේ සුබ සාධන ව්‍යාපෘතියකට ආධාර පිණිස පැරීසියේ මීගමු සංවිධානය 14 වැනි වරටත් ඉදිරිපත් කරන සීතල උදුවප් මහේ නත්තල් අසිරිය, සමඟ පසුගියදා ප්‍රථම ස්ථානය ජයගත් ශ්‍රී ලංකාවේ දෙරණ ගී තරුව වූ එම්.ජී ධනුෂ්ක ගී ගයන නත්තල් සංගීත ප්‍රසංගය දෙසැම්බර් මස 21 වැනි ඉරු දින සවස තුනට පැරිස් කලාප අංක 20හි රූ ඩෙ බැනියොලේ අංක 124 හී පිහිටි කතෝලික දේවස්ථාන ශාලාවේදි පැවැත්වීමට යයි.
එහිදි ඔහු ඇම් ඇස් ප්‍රනාන්දුගේ බයිලා ද ඉදිරිපත් කිරීමට නියමිතය.
පෘතුගීසි ආගමනයත් සමග ඔවුන්ගේ වැඩ සදහා යොදාගත් අප්‍රිකා කළු ජාතික වහලූන්ගේ එකතුවත් 16 වැනි සියවසේ දි ශ්‍රී ලංකාවේ කපිරිඤ්ඤා සංගීතයේ ආරම්භය ලෙස ඉතිහාසයට එක්වී ඇත. අප්‍රිකා කළු ජාතික රටක් වන සෙනෙගාලයේ ඈත පිටිසර ගමක් බයිලා යනුවෙන් හැඳින්වෙයි. බයිලා ආගමනය ශ්‍රී ලංකාවේ ස්ථාපනය වන්නේ එලෙසය. හැටේ හා හැත්තෑව දශකයේ ලංකාදීපයේ සුපතල වොලී බැස්ටියන් බයිලා පියාගේ ආභාෂයෙන් පරිනාමයවී පසුකල බයිලා චක්‍රවර්ති නමින් හැදින්වු ගායකයන් අතර ඇම් ඇස් ප්‍රනාන්දු ගායකයාට හිමිවුයේ සුවිශේෂි ස්ථානයකි. ඔහුගේ බොහෝ ගීත යන්හි පද රචනා හා සංගීතය ඔහුගේම ස්ව නිර්මාණයෝය. හිටිවන හා වාද බයිලා සදහා ඔහු අති දක්ෂයෙකි. එදා බයිලා ගීතයෙන් සැමගේ සිත පිනවූ ඔහු අපෙන් සදහටම වෙන්වී ගොසිනි. එනමුදු ශ්‍රී ලංකාවේ බයිලා චක්‍රවර්ති ලෙස ජනප්‍රිය ඇම් ඇස් ප්‍රනාන්දුගේ ගී ඇඹිලිපිටියේ එම් ජී ගේ හඬින් මෙදා පැරීසියේදි රස විඳීමට පැරීසියේ රසිකයන්ට අවස්ථාව ලැබී ඇත්තේය.
පැදුරු පාටිය යනු විසිවන සියවසේ සාජ්ජේ මව් පාර්ශවයෙන් පරිනාමය වී නුතන ලෝකයේ වැඩෙමින් පවතී. ඡෝගිය හා බජව් යනු එම පවුලේම සමාඡිකයෝය. පොල්කටු , ටින් බෙලෙක්ක , උණ බට හඬින් ඇරඹුණ සාඡ්ඡේ මැඩ්ලින් එකෝඩියන් හා ඩොල්කි සංගීත ඔස්සේ අද වනවිට ඉලෙක්ට්‍රොනික විජ්ජා හඬ සමග සැදැව, පාටිය , ෆන් එක , සොමිය , රාත්‍රිය ආදි ලෙස ගීත ලෝලින්ගේ හදවතට ඇතුළුවී ඇත්තේය. ධනුෂ්කගේ සංගීත ප්‍රසංඟය ඊට සමීපවෙතියි රසිකයෝ සිතති.
පැරීසියේ කලා ආයතන ඉදිරිපත් කරන අනර්ග සංස්කෘතික නර්තන, යෞවනයේ පොපියන සංගීත රටා සමගින් පැරීසියේ එවර් ෂයින් සංගීත කන්ඩායමේ සංගීතයෙන්ද එදින සැඳෑව රසවත් කිරීමට නියමිතය.
https://www.youtube.com/watch?


