ඇඹිලිපිටියේ ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් පැවති උද්ඝොෂණයෙන් පසුව කොළඹට මාරු කළ අඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න පොලිස් මූලස්ථානයේ සිට නාරාහේන්පිට පොලිස් ගරාජයට මාරු කළ ඇතැයි පොලිස් ආරංචි කියයි. ඔහුද ඇඹිලිපිටිය් හිටපු ස්ථානාධිපති ද පොලිසියේ 22 නෙකුද අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් නියෝග කර ඇතැයි ඇඹිලිපිටියේ නීතීඥවරු පිරිසක් කියති. ඇඹිලිපිටිය හිටපු ස්ථානාධිපතිද කොළඹ පොලිස් ක්ෂේත්‍ර මූලස්ථානයට මාරු කරනු ලැබ සිටියි. සහකාර පොලිස් අධිකාරී පොලිස් ගරාජයට මාරු කර ඇත්දැයි විමසූ විට පොලිස් ආරංචි පැවසූයේ පොලිස් මූලස්ථානයට මාරු කරන කෙනෙකු වෙනත් ඕනෑම තැනකට මාරු කිරීමට හැකි බවයි. ඇඹිලිපිටියේ නීතීඥ කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නට යන බවද දැනගන්නට ඇත.

