ඇඹිලිපිටිය ළමා දැඩි සත්කාර වාට්ටුවට අසාධ්‍යයි


(අජිත්ලාල්ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ ළමාරෝග දැඩි සත්කාර ඒකකයේ උපතින් දුර්වල දරුවන් ට ප්‍රතිකාර කරන ඉන්කියුලේටර් යන්ත්‍ර හතක් මේවනවිට අක්‍රියව ඇති බව ඒම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අමිල ද සිල්වා මහතා පවසයි.

අඩුබර උපත් සහ වෙනත් රෝග තත්ත්වයන් මත උපදින දරුවන් ආරක්ෂා කරනු ලබන්නේ මෙම ඉන්කියුලේටර් යන්ත්‍රවල රදවා තැබීමෙන් බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ.

රෝහලේ ළමා දැඩිසත්කාර ඒකකයේ ඒවැනි යන්ත්‍ර ඒකොළහක් ඇති අතර ක්‍රියාකාරිව ඇත්තේ තවත් හතරක් පමණක් බවද විශේෂඥ වෛද්‍යවරයා පවසයි.

ඉන් ඒකක් හදිසි අවස්ථාවක් සදහා භාවිතයට ගැනම සදහා තබා ගත යුතු අතර සාමාන්‍ය භාවිතය ගනු ලබන්නේ තුනක් පමනි.