ඇඹිලිපිටියේ පැවති ප‍්‍රියාසාදයකදී ඇති වූ ගැටුමකින් සුමිත් ප‍්‍රසන්න නැමැත්තා මිය යෑමේ සිද්ධිය නිසා සිදුවූ පාඩුවට වන්දි ඉල්ලා ඔහුගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) අවසර ලබා දුන්නේය.
සුමිත් මහතාගේ බිරිඳ ,සිද්ධිය සිදුවූ ගොඩනැගිල්ලේ අයිතිකරු සහ එම සිද්ධියේදී පහර කෑමට ලක්වූ තරුණයින් දෙදෙනෙක් එම පෙත්සම ගොනු කළහ.
මෙම පෙත්සම් ලබන ජූලි 24 සහ අගෝස්තු 31 වැනිදා මෙම පෙත්සම් විභාගයට ගැනීමට අධිකරණය නියම කළේය.
පෙත්සම් අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

