ඇඹිලිපිටිය සන්සුන් : එස්.ටී.එෆ් ආරක්ෂාව දිගටම


ඇඹිලිපිටියේ උද්ඝෝෂණයෙන් පසු ප්‍රදේශයට කැඳැවූ පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව දිගටම යොදවන බව පොලිසිය කියයි.

ව්‍යාපාරිකයකුගේ නිවසේ පැවැති සාදයක දී පොලිසිය හා මිනිසුන් අතර ඇතිවූ ආරවුල සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කිරීමට පොලිස්පතිට දන්වන බව ජාතික හෙළ උරුමයේ නායක  ඕමල්පේ සෝභිත හිමියන් දැන්වීමෙන් පසු උද්ඝෝෂකයෝ විසිර ගියහ.

මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු ලබන ඉදිරිදා (10) සිදු කිරීමට නියමිත බව ඥාතීහු කියති. පෙරදිග රාත්‍රී නවය දක්වා පොලිසියට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වූ ප්‍රදේශවාසීහු ඉන් පසු විසිර ගිය.

මානව හිමිකම් කොමිසමේ නිලධාරීහු අදත් එහි ගොස් සිටිති.