
(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට සිටි එකම නිර්වින්දන වෛද්‍යවරිය පසුගිය සිකුරාදා (01) සිට සේවයට වාර්තා නොකිරීම නිසා රෝහලේ ශල්‍යාගාරවල සහ දැඩි සත්කාර ඒකකයේ වැඩ අඩාල වී ඇති බව රෝහල් බලධාරීහු පවසති.
යු.ටී. නානායක්කාර නම්වු මෙම වෛද්‍යවරියගේ පියා යැයි පවසමින් යම් පුද්ගලයකු අද දහවල් රෝහල් බලධාරීන්ට වට්ස්ඇප් මගින් ලිපියක් එවමින් ඇය නැවත සේවයට නොඑන බව දන්වා ඇතැයි ද රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
නිර්වින්දන වෛද්‍යවරිය සේවයට නොපැමිණිම නිසා ප්‍රධාන ශල්‍යාගාර දෙකක සහ දැඩි සත්කාර ඒකකයක කටයුතු සම්පුර්ණයෙන් ම ඇණහිට ඇති බව ද රෝහල් බලධාරීහූ කියති.
ඇඹිලිපිටිය දිසා මහ රෝහලට නිර්වින්දන වෛද්‍යවරු දෙදෙනකුගේ සේවය අවශ්‍යව ඇති බව රෝහල් බලධාරීහූ කියති.
එසේ තිබියදීත් හිටපු එකම නිර්වින්දන වෛද්‍යවරිය මෙසේ සේවයට වර්තා නොකිරිම නිසා රෝහල් කටයුතු පවත්වාගෙන යාම දැඩි අසීරු කරුණක් බව රෝහල් බලධාරීහූ කියති.
දිනකට නේවාසික රෝගීන් දෙසියකට ආසන්න පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් වන බව රෝහල් බලධාරීහු කියති. 2022 වසරේදී පමණක් ඇඹිලිපිටිය දිසා මහ රෝහලෙන් සැත්කම් 9144ක් සිදුකර ඇත.
මෙම නිර්වින්දන වෛද්‍යවරිය සේවයට නොපැමිණීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ඇය විදෙස්ගත වි ඇද්ද යන්න මෙතෙක් අනාවරණය වි නැති බවද රෝහල් බලධාරීහු කියති.

