පොලිස් කොස්තාපල්වරයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ (එජනිස) සභාපති එම්.කේ. අමිල අධිකරණයට බාරවීමෙන් පසු මේ මස 11දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා නියෝග කළේය.
සැකකාර සභාපති ජනාධිපති නිතීඥ රසීක් සරුක් මහතාගේ වාහනයෙන් අධිරණයේ ප‍්‍රධාන දොර අසලට පැමිණියේය. ඔහු එදින අධිකරණයට බාරවන බවට ලද තොරතුරු නිසා මාධ්‍යවේදීහු රැසක් සහ ඔහුගේ ආධාරකරුවෝ ද විශාල පිරිසක් අධිකරණ භූමියට එහි පැමිණ සිටියහ.
පෙරවරු නවයත් දහයත් අතර ඔහු අධිකරණ භූමියට පැමිණියේය. සුදු කමිසයකින් හා දිග කලිසමකින් සැකකාර සභාපතිවරයා සැරසී සිටියේය.
පසුගිය 26 දින රාත‍්‍රී පොලිස් ජංගම රාජකාරියේ නිතරව සිටි පනාමුර පොලිසියේ කොස්තාපල් චන්‍ද්‍රසිරිට පනාමුර පොලිස් වසමේ දඬුහැතැක්ම හන්දියේදී රාත‍්‍රී එකොළහට පමණ ගිනිඅවියක් භාවිතා කරමින් රාජකාරියට බාධාකරමින් පහරදීම ඇතුලූ චෝදනා කිහියක් ඔහුට එල්ලවී තිබුණි.