ඇඹිලිපිටිය නගර සභා අයවැය පරදී


ඇඹිලිපිටිය නගර සභාවේ 2015 අයවැය ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් නොපැමිණීම හේතුවෙන් පරාජයට පත්විය.

එජාප මන්ත්‍රීවරු දෙදෙනා අයවැයට විරුද්ධව ඡන්දය ලබාදුන් අතර වැඩ බලන සභාපති නීතිඥ පුංචිහේවා මහතා ඡන්දය ප්‍රකාශ නොකර සිටීමෙන් වැඩි ඡන්ද දෙකකින් අයවැය පරාජයට පත්විය.