ජනවාරි 4 වැනිදා ඇඹිලිපිටිය නගරයේ සාදයකදී මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන ගේ මරණයට සැකපිට අඟහරුවාදා (2) අත්අඩංගුවට ගත් ඇඹිලිපිටිය ඒඑස්පී ඩබ්ලිව්.ඩී.සී ධර්මරත්න අද (3) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ හේතුවෙන් අද පෙරවරුවේ සිට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අයුරු දක්නට ලැබිණි. පොලිස් විශේෂ කාර්ය බළකායද එහි කැඳවා තිබිණි.
ඡායාරූප - ලහිරු හර්ෂණ
ඡායාරූපය - ලසිත නලින් ජයවීර








