ඇඹිලිපිටි සිරුර ගොඩගනී


පසුගිය ජනවාරි 4 වැනිදා ඇඹිලිපිටියේ සාදයකදී පොලිසිය සමග ඇතිවූ ගැටුමකින් පසු මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මිනිය අද (15)  උදෑසන ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්දු මහතා ඉදිරියේ ගොඩට ගැනිණ.

සිරුර ගොඩගත් පොලිසිය සුමිත්ගේ සිරුර එම්බාම් කිරීමෙන් පසු වෙනම වළ දැමූ බව කියන කොටස් සොයා පොලිසිය ඇඹිලිපිටිය සොහොනේ කොහොඹ ගසක් යට හාරාගෙන යයි.

නෑයන්ගේ ප්‍රකාශ අනුව කොහොඹ ගස යට මෙම හෑරීම සිදු කෙරේ. ඔහුගේ සිරුර ගොඩගැනීමට දෙපැයක් පමණ ගතවිය. කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් ඇතුළු අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනෙක් ද ප්‍රසන්නගේ මව, සොහොයුරා හා නැන්දම්මාද පැමිණ සිටියහ.

පොලිසිය ගොඩගත් සිරුර ඔවුහු හඳුනාගත්හ. ඉන්පසුව අධිකරණ වෛද්‍ය නිලධරයන් සාදය පැවැති මෙන්ඩිස් ගොඩනැගිල්ල බැලීමට ගියහ.

ප‍්‍රදේශයට පොලිස් ආරක්ෂාව ද යොදා ඇත.

ce8ebf7d300748824529dd7f346d234e81159935d28d803fe4fef46ef7a182f5 img_1 img_2

img_3

f901924b41297096cd90851b7e3eba04bb64c34387e899e5e37029c878c54330

සුමිත් ප්‍රසන්නගේ මෑණියන් සිරුර දෙස බලා සිටින අයුරු

img_4

img_10 img_6 img_7 img_8 img_9

 

ජායාරූප හා විඩියෝ - ළහිරු හර්ෂණ