ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ සිරුර ගොඩගෙන දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතාට සහ ඔහු නම් කරන තවත් අධිකරණ වෛද්‍ය විශේෂඥයන් දෙදෙනකුට පවරමින් ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා මින් මද වේලාවකට පෙර සිය තීන්දුව ප්‍රකාශ කළේය.
අධිකරණ වෛද්‍ය මණ්ඩලය අවසර දෙතොත් සැකකාර සහකාර පොලිස් අධිකාරී ධර්මරත්නට සහ අගතියට පත් පාර්ශවයේ නෑයනට පශ්චාත් මරණ පරීක්ෂණය නිරීක්ෂණය කළ හැකි බව මහේස්ත්‍රාත් සිය තීන්දුවේ ප්‍රකාශයට පත් කළේය.
යුක්තිය පසිඳලීම සඳහා දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණයක් අවශ්‍ය බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කියා සිටියහ.
එහෙත් සුමිත් ප්‍රසන්නගේ බිරිය වන ශෂිකා නිශාමනී ඇතුළු පවුලේ ඥාතීහු ඊට විරුද්ධ වූහ. දිවුරුම් පෙත්සම් හෝ සාක්කි හෝ නොදෙන බව ඔවුහු අධිකරණයට දැන්වූහ. පවුලේ ඥාතීන් විරෝධය පළ කළද සිරුර යළි ගොඩගැනීමට නියම කිරීමේ බලතල මහේස්ත්‍රාත්ට ඇතැයි නීතිපති වෙනුවෙන් දීර්ඝ ලෙස කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ලබන මාර්තු 10 වැනිදා දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණය සිදුකරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ








