ඇඹිලිපිටිය සාදයකදී පොලිසිය හා සාදයට සහභාගී වූවන් අතර ඇති වූ ගැටුමකින් පසු පුද්ගලයකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ හැකි පොලිස් නිලධාරීන් 21 දෙනකු හඳුනාගෙන ඇතැයි පොලිස් ආරංචි කියයි.
ඒ අතර සහකාර පොලිස් අධිකාරීවරයකු, පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද සිටින බව එම ආරංචි සඳහන් කරයි.
එම පොලිස් නිලධාරීන් මේ සිද්ධියේ දී ගැටුමට හා ගැටුම සම්බන්ධයෙන් සත්‍ය විකෘත්ති කිරීමට යම් යම් ප්‍රමාණවලින් දායක වී ඇති බව ද, ඔවුන් අත්අඩංගුවට ගැනීම ගැන මරණ පරීක්ෂණයේ තීරණයෙන් පසු පියවරක් ගන්නා බව ද පොලිසිය පවසයි.
ඇඹිලිපිටියේ ගැටුම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ අධීක්ෂණයෙන් රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශන පවත්වයි.
එම විමර්ශනයේ දී අනාවරණය කර ගත් කරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනවාරි නව වැනි දා සහ අද (18) පොලිස්පතිට දන්වා යවා ඇත.
මේ වන විට සාමාන්‍ය වැසියන් 30 දෙනකුගෙන් ද, පොලිස් නිලධාරීන් 25 දෙනකුගෙන් ද ප්‍රකාශ සටහන්කරගෙන තිබේ.
දුරකතන අංක 26ක් සම්බන්ධයෙන් වාර්තා කැඳවා ඇතැයි පොලිසිය කියයි.

