පසුගිය 4 වැනිදා ඇඹිලිපිටිය ව්‍යාපාරිකයකුගේ නිවසේ පැවති සාදයේදී පොලිසිය මුලින් කර ඇතැයි කියන ප්‍රකාශ පරස්පර විරෝධී බව අභ්‍යන්තර පරීක්ෂණයකින් සොයා ගෙන ඇතැයි දැනගන්නට ඇත.
පොලිසිය එම නිවසට දෙපාරක් ගිය බවටත් මහජනයාගෙන් 119ට ලැබුණු පැමිණිලි අනුව එහි ගිය බවටත් පොලිසියට පහර දුන් බවටත් පොලිසිය මුලින් කළ ප්‍රකාශ මෙම අභ්‍යන්තර පරීක්ෂණය නිසා තදබල ලෙස බිඳ වැටී ඇතැයි වාර්තාවේ.
ඇඹිලිපිටි පොලිසිය මුලින්ම එහි ගොස් ඇත්තේ පසුගිය 4 වැනිදා රාත්‍රී 11.40 ට බවත් මැදියම් රැය පසුවී 12.04ට සාදයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් එහි ගිය පොලිස් සැරයන්වරයකු දෙවැනි ප්‍රකාශයෙන් කියා ඇතැයි එම අභ්‍යන්තර පරීක්ෂණයෙන් සොයාගෙන ඇත. පොලිසියේ උසස් නිලධරයකුගේ අණක් අනුව එම හතරදෙනා එහි යවා ඇති බව පෙනේ යැයිද පොලිසියට පහර දුන්නැයි කියන කථාවේ සත්‍යතාවයක් නැති බව පෙනේ යැයිද එම අභ්‍යන්තර තොරතුරු පවසයි.
පසුගිය 5 වැනිදා අලුයම 12.14 ට පමණ එහි සිටි පොලිස් නිලධරයකුගෙන් පොලිසියට ඇමතුමක් ලැබී ඇතැයිද ඒ අනුව අතිරේක පිරිස් යවා ඇත්තේ ඉන් පසුව යයිද දැන් සොයාගෙන ඇත. එම සාදයෙන් හිරිහැර වෙතියි පිටස්තර කිසිවකු පොලිසියට ඇමතුමක් දී නැති බවත් පොලිසියේ දෙදෙනකු පමණක් පොලිසියට එවැනි ඇමතුම් දී ඇති බවත් මෙම පරීක්ෂණයෙන් සොයාගත් බවද දැනගන්නට ඇත.
මෙම අලුත් තොරතුරු රජයේ නීතිපතිට ඉදිරිපත් කර උපදෙස් ලබාගැනීමටද නියමිතය.

