පනාමුර පොලිසියේ කොස්තාපල්වරයකුට පහර දුන් බව කියන ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම් කේ අමිල රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා කියයි.
සතර අගතියෙන් තොරව සියලු දෙනාට එක සමානව සේවය සලසන ලෙසත් ඔහු ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ භාරකරු මිස අයිතිකරු නොවන බවත් මිහිඳු මාහිමියන් දේවානම් පියතිස්ස රජුට දුන් අවවාදය ඔහුට ද ගැළපෙන බවත් මහේස්ත්‍රාත්වරයා පැවසීය.
ආගමික නායකයන්ගෙන් හා අත්දැකීම් ඇති පැරණි දේශපාලනඥයන්ගෙන් උපදෙස් ලබා ගන්නා ලෙසත් මහේස්ත්‍රාත් ඔහුට අවවාද කළේය.
සභාපතිගේ අධාකරුවෝ 300ක් පමණ අධිකරණ භූමියට පැමිණ සිටියහ.