ඇඹිලිපිටි විමර්ශන රහස් පොලිසියට


ඇඹිලිපිටිය සාදයක දී පොලිසිය හා සාදයේ සිට පිරිස අතර ගැටුමකින් පසු සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් එක් දරු පියා මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන පොලිස්පති නියමයෙන් රහස් පොලිසියට බාර දී ඇත.

පොලිස්පති, රහස් පොලිස් නිලධාරීන් පිරිසක් ඇතුළු උසස් නිලධාරීන් කණ්ඩයමක් පෙර දින කළ සාකච්ඡාවකින් පසු මෙලෙස රහස් පොලිසියට බාර දුන් බව රහස් පොලිස් ආරංචි කියයි.

තමවත් පිරිසක් කියනුයේ මරණය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු වී ඇති පොලිස් නිලධාරින් බේරා ගැනීමට රහස් පොලිසියට විමර්ශන බාර දී ඇති බවයි.

මුල් අවස්ථාවේ දී රහස් පොලිසියට නොදී සියලු සාක්කි හමු වූ පසු රහස් පොලිසියට දීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ඔවුහු ප්‍රශ්න කරදි.

පොලිස් මූලස්ථානය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.