ඇඹිලිපිටි සිද්ධිය සම්බන්ධයෙන් අද (27) අධිකරණයේදී සාක්කියේ සඳහන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කිරීමත් සමග ඒ ආරංචිය ලැබුණු ඇඹිලිපිටිය වැසියෝ ප්‍රීතියට පත්ව රතිඤ්ඤා දල්වමින් ජයගොස නගන්නට වූහ.
පසුගිය දින කිහිපයේදී ඇඹිලිපිටි සිද්ධියට සම්බන්ධ බව කියන ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි බල කරමින් උද්ඝෝෂණ විරෝධතා කළ එහි වැසියෝ අද පස්වරුවේ වඩාත් සතුටට පත්ව ප්‍රීති ඝෝෂා කරමින් වීදි බැස සිටියහ.

