ඇඹිලිපිටි මරණකරුගේ සිරුර යළි ගොඩ ගනී ?


ඇඹිලිපිටියේ සාදයක දී  පසුගිය ජනවාරි 04 වැනි දා  මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ  සිරුර ගොඩ ගෙන යළි පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වනේ ද නැද්ද යන්න තීන්දුව ඇඹිලිපිටි මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා බ්‍රහස්පතින්දා (03) ප්‍රකාශයට  පත් කරන බව අද (02) ප්‍රකාශ කළේය.

නිතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නිතිඥ සුදර්ශන හේරත් මහතා  මෙම ඉල්ලම කළේය. සිරුර ගොඩ ගෙන විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් හමුවේ පශ්චාත් මරණ පරික්ෂණය කරන්නැයි  ඉල්ලා සිටියේය. රත්නපුර රෝහලේ පශ්චාත් මරණ පරික්ෂණය හා  සාක්කි බැලු බැල්මට  පරස්පර බව ඔහු කියා සිටියේය. සිරුර මිහිදන් කළ ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් කර සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්ලිව්. චමින්ද ධර්මරත්න මහතා 3 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (2) නියෝග කළේය.