ඇඹිලිපිටියේ සාදයක දී පොලිසිය හා සාදයට සහභාගී වූවන් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට තිදෙනකුගෙන් යුත් ස්වාධීන කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකා පොලිස් කොමිසම අද (21) තීරණය කළේය.
කොමිසමේ සාමාජිකයන් පවත්වන සතිපතා රැස්වීමේ දී මේ තීරණයට එළඹි බව එහි ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.
පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා ද එම රැස්වීමට සහභාගී වී ඇත.
ඒ අනුව හෙට (22) එම කමිටුව සඳහා නිලධාරීන් නම් කිරීමට නියමිතය.
එම ස්වාධීන විමර්ශන කණ්ඩායමේ තීරණය අනුව ඉදිරි පියවන ගන්නා බව කුරේ මහතා කීවේය.



