ඇඹිලිපිටි උද්ඝෝෂණය දිගටම : ‘පොලිසියේ 12 කට මාරු’


ඇඹිලිපිටිය පොලීසියේ 12 දෙනෙකු මාරු කර දෙදෙනකු අනිවාර්ය නිවාඩු යවා ඇතැයි තලතා අතුකෝරාළ ඇමතිනිය ඇඹිලිපිටියේ උද්ඝෝෂණ කරුවන්ට අද සන්ද්‍යාවේදී කීවාය. ඔරලෝසු කණුවේ පඩියකට නාග තවත් කරුණු පැහැදිලි කරන්නට සූදානම් වෙද්දී සෙනග අතරින් හූ හඬක් ආවේය. ජාතික හෙළ උරුමයේ නායක  ඕමල්පේ සෝභිත නාහිමියෝ ඉන් පසුව එහි වැඩම කර උද්ඝෝෂණ කරුවන් අමතමින් උද්ඝෝෂණය නතරකරන්නැයි ඉල්ලා සිටියහ. නැවත හූ හඬ නැගී ආවේය.

උදේ උද්ඝෝෂණයට සිටි පිරිසට වැඩි පිරිසක් ඔරලෝසු කණුව අසලට පැමිණ සිටින බව නගර වැසියෝ කියති. පොලිස් විශේෂ කාර්ය බළකායද එහි කැඳවා ඇත.

උද්ඝෝෂකයන් පවසනුයේ පොලීසිය මාරු කිරීමෙන් වැඩක් නැති බවයි. ඔවුන් අත් අඩංගුවට ගන්නා තුරු උද්ඝෝෂණය අවසන් නොකරන බව ඔවුහු කීහ.

 212d0719216245bc67a14638fe285c0986e9c871d428bb8bf370d9e7ed2a50f2 1197ceeafbcf096bb0d2f145f36b14a4719b5f26570f7e02c8f142f4e8b84142 a9021a613bf20f94ca807d99a6cf50d99a15c876eef7a2944684c85e4b99b758 cac2ae7d8ec4653d4d69d59fe685c79720f4baf468b7fd9c1587b688a9ea59e5

1 2 3 4 5